මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජර්මානු අභ්‍යාස ආයතනයට නෛතික බලය හා පිළිගැනීම තිබුණේ නෑ

    ජූලි 25, 2014
    ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට රාජ්‍යයේ අවශ්‍ය කරන නෛතික බලය හා පිළිගැනීම ලැබී නොතිබුණු බවත් මෙම ආයතනය නාම පුවරුවට සීමා වී තිබූ බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    ඒ සඳහා අවශ්‍ය කරන පාර්ලිමේන්තු පනත මේ වන විට සකස් කර අවසන් බවත් මේ ආයතනයට දිවයිනේ සෑම ප‍්‍රදේශයකින්ම සිසුන් පැමිණෙන බවත් මේ වන විට  එසේ දුර බැහැරින් පැමිණෙන්නන් වෙනුවෙන් නේවාසිකාගාරයක් ඉදිකිරීමට ද සැලසුම් කොට තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සහතික හා ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය. 
     
    මේ වසරේ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය තුළ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 06) වන මට්ටමේ පුහුණු පාඨමාලා ආරම්භ කළා. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මඟින් පවත්වන NVQ - 07 මට්ටමේ උපාධි පාඨමාලා මේ ස්ථානයේදීම පැවැත්වීමේ හැකියාව පිළිබඳවත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව 2017 වන විට මේ ස්ථානයෙන් පළමු උපාධිධාරියා බිහිවේවි. 
     
    ජර්මන් කාර්මික පුහුණු ආයතනයේ පුහුණුව ලබන්නන්ට උතුරු ඇමෙරිකාව, කැනඩාව ආදී යුරෝපීය රටවල්වලට යාමේ සිහිනයක් තිබිය යුතු යැයි ද ඉන් ඔස්ටේ‍්‍රලියානු සිහිනය ජයගෙන අවසන් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ශ‍්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති, ශාන්ත බී. කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya