මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමාජ සංවර්ධන ආයතනයෙන් මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩසටහනක්

    ජූලි 24, 2014

    "සමාජ සංවර්ධනය උදෙසා ජනමාධ්‍යකරුවාගේ වගවීම හා කාර්යභාර්ය" යන මැයෙන් මාධ්‍යවේදින් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ජාතික සමාජ සංවර්ධන ආයතනය කටයුතු සංවිධානය කර ඇත.

    සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හා මගපෙන්වීමෙන් ආරම්භ කෙරෙන මෙම පුහුණු වැඩසටහන මෙම මස 31 හා අගෝස්තු 01 දින පෙ.ව. 9.30ට ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.නොමිලයේ පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන මාධ්‍යවේදීන් සඳහා පවත්වනු ලබන්නේ පළමු වතාවටය. මෙම පුහුණු වැඩසටහන අවසානයේ මාධ්‍යවේදීන් සඳහා රජයේ පිළිගත්  වටිනා සහතිකයක්ද පිරිනැමීමට සමාජ සංවර්ධනය ආයතනය කටයුතු කර ඇත.


    මෙම ආයතනය මගින් ඉදිරියේදී පවත්වන පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධවීමට අවශ්‍ය මාධ්‍යවේදීන් දූරකතන අංක 2882506/7 ඔස්සේ මාධ්‍ය ඒකකය අමතා පුහුණු වැඩසටහන් සඳහා සහභාගිවීමට අවස්ථාවක් ලබා ගත හැකිය. සමාජ සංවර්ධන ආයතනය සමාජ සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන සමාජ වැඩ පිළිබඳව උසස් අධ්‍යාපනය ලබා දෙන ලංකාවේ ඇති එකම ආයතනයයි.

     

    ඒ අනුව සමාජ වැඩ පිළිබඳව ඩිප්ලෝමා, උපාධි හා ශාස්ත්‍රපති උපාධි ඩිප්ලෝමා, මනෝවිද්‍ය උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවන් සහ අතුරු පාඨමාලාවන් ද පවත්වාගෙන යන අතර ඊට අමතරව විවිධ පුහුණු හා පර්යේෂණ පවත්වනු ලබයි. මාධ්‍යවේදින් සඳහා පවත්වනු ලබන මෙම පුහුණු වැඩසටහන ආයතනයේ මාධ්‍ය ඒකකය හා පුහුණු අංශය ඒකාබද්ධව සංවිධානය කර ඇත. 


    ECB/RU_CMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya