මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ "බොස්ටන් ග්රූප්" හි ප්‍රධානියා ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතයි

    ජූලි 24, 2014
    බොස්ටන් කොන්සල්ටින් ග්රූප් හි ඉන්දීය ඒකකයේ ජ්‍යේෂ්ඨ හවුල්කරුවෙකු හා කළමනාකරණ අධ්‍යක්ෂ වන ඇල්පේස් ෂා (Alpesh Shah) ලබන අගෝස්තු මස කොළඹ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ඇමතීමට නියමිත බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
     
    ඇල්පේස් ෂා මහතා ව්‍යාපාරික සමුළුවේ "ආසියානු වෙළෙඳාම ව්‍යාප්ත වන විට ශ්‍රී ලංකාවට ලැබෙන අවස්ථා" යන සැසියේ දී "කොළඹ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වශයෙන්" යන මාතෘකාව ඔස්සේ කතා කිරීමට නියමිතය.
     
    සංවාද මණ්ඩපයේ දී MJF හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් අධ්‍යක්ෂ මලික් ජේ. ප්‍රනාන්දු හා එක්ස්පෝ ලංකා හෝල්ඩින්ස් හි ප්‍රධාන විධායක නිලධාරී හනින් යූ සුෆ් (Hanif Yusoof) ඒ මහතා සමඟ එක්වනු ඇත.
     
    ලංකා වාණිජ මණ්ඩලයේ වාර්ෂික අංගයක් වන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2014 අගෝස්තු 05 සහ 06 දෙදින කොළඹ සිනමන් ග්රෑන්ඩ් හි දී "ශ්‍රී ලංකාව 2020 ඩොලර් 7000 ඒක පුද්ගල ආදායම ඉක්මවා යාම කරා" යන තේමාව ඔස්සේ පැවැත්වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya