මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ තවත් ප‍්‍රජා සත්කාරයක්

    ජූලි 24, 2014

    ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉරණමඩු ප‍්‍රදේශයේ පිහිටි "කියන් සෙත්" පෙර පාසලේ හා "කයල් වේලි" පෙර පාසලේ දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ හා පෙර පාසල් නිල ඇදුම් බෙදාදීමේ උත්සවයක්  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂාණි ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අද (23)  පෙරවරුවේ පැවැත්විණ.

    මෙම පෙර පාසල් දරු දරියන් හට මෙතෙක් අඩු පාඩුවක්ව පැවති ළමා උද්‍යාන ඉදිකිරීම සඳහා ගුණතිලක මහත්මිය විසින් මුදල් පරිත්‍යාගයක්ද සිදුකරනු ලැබුවාය. 

    මෙම ප‍්‍රජා සත්කාරයන් සඳහා රොෂාණි ගුණතිලක මහත්මිය, ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් මනෝජ් ගලප්පත්ති ඇතුළු ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරින් මෙන්ම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් ඇතුළු ගුවන් හමුදා ඉහළ නිලධාරින් පිරිසක් හා ප‍්‍රදේශවාසින් විශාල පිරිසක්ද සහභාගි වූහ.

    ECB

    air2

    air3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya