මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් කන්ටේනරයක්‌ තුළ සඟවා මෙරටට ගෙන ඒමට තැත් කළ කහ කිලෝ 27,000ක් අත්අඩංගුවට

    ජූලි 24, 2014

    ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට සහල් කන්ටේනරයක්‌ තුළ නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝ 27000ක්‌ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් මගින් ඔරුගොවත්ත රේගු අංගනයේදී ඊයේ (23දා)  අත්අඩංගුවට ගනු ලැබීය.

    සහල් ගෙන්වන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර කහ ගෙන්වීමට උත්සාහ කළ මෙම ව්‍යාපාරිකයා රුපියල් මිලියන 5.6ක බදු වංචාවක්‌ සිදු කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.මෙම කන්ටේනරයේ සහල් කිලෝ 37000ක්‌ තිබෙන බවට මේ ව්‍යාපාරිකයා රේගුවට තොරතුරු ලබාදී තිබූ නමුත් එහි සහල් කිලෝ 10,000ක්‌ හා කහ කිලෝ 27,000ක්‌ තිබී ඇත.

     

    එම ව්‍යාපාරිකයා සහල්වලට බදු වශයෙන් රුපියල් 187,500ක මුදලක්‌ රේගුවට ගෙවා තිබූ නමුත් මෙම භාණ්‌ඩවල සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 10.5ක් වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


    රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඩී. නිකලස්‌, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන එස්‌. එදිරිමාන්න, සී. විජේතුංග යන නිලධාරීන්ගේ උපදෙස්‌ මත රේගු අධිකාරීවරුන් වන නිහාල් අලහප්පෙරුම, ජේ.ඒ.එස්‌. ජයකොඩි, එස්‌.කේ.කේ. ඩික්‌සන්, ජී.බී. ඥානරාජ්, සහකාර රේගු අධිකාරීවරුන් වන උපුල් ඉන්ද්‍රජිත්, යූ.ඒ. දුෂ්‍යන්ත, එස්‌. රාජගුරු සහ ඩී. අජිත් යන නිලධාරීහූ මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya