මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට කාන්තාවට ගෞරවනීය පිළිගැනීමක් Featured

    ජූලි 24, 2014

    ඉතිහාසයේ මෙරට කොතරම් නායකයන් සිටියත්, කාන්තාවට නිසි ගෞරවය සහ නිසි තැන ලබාදීමට ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.


    ජාතික ආර්ථිකයට අසමසම දායකත්වයක් ලබාදෙන කාන්තාවට කිසිදු හිංසාවකින් තොරව සමාජයේ ජීවත්වීමට සුදුසු පරිසරයක් ඇති කිරීමේ පදනම මහින්ද චින්තන ප්‍රතිපත්තිය තුළින් ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කර ඇතැයි ද, මේ වසරේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට ලබා දී ඇති ප්‍රතිපාදනවලට අතිරේකව කාන්තාවගේ ආරක්ෂාව, රැකවරණය හා සංවර්ධනය උදෙසා තවත් රුපියල් මිලියන හත්සියයක් (700) ලබාදීම තුළින් එය සනාථ වී ඇතැයි ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.


    "රට රකින නිල් පවුර සුරකිමු මව්බිම" යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීපව්‍යාප්තව ආරම්භ කර ඇති එම පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ මහර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    මහර, රන්මුතුගල නිමල්කා උත්සව ශාලාවේ දී පැවති මෙම සම්මේලනය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතා විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
     
    ලබාගත් නිදහස ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ දී කාන්තාවගේ කාර්යභාරය හා වගකීම මෙන්ම අතීතයේ කාන්තාවගේ නිදහස හා මානව අයිතීන් ආරක්ෂා නොවීම වර්තමානය සමඟ සසඳමින් අද දවසේ කාන්තාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ද මෙහි දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් දේශන පවත්වන ලදී.  
                                                                          

    එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසුවේ, දියණිය, සොහොයුරිය, බිරිඳ, මව ලෙස කාන්තාව විවිධ භූමිකා හරහා මානව සමාජයේ පැවැත්මට තම දායකත්වය ලබාදෙනවා. එය අතීතයේත් එසේම සිදුවිය. කෙසේ වෙතත් ජනගහණයෙන් බහුතරයක් වූ මේ රටේ කාන්තාවන් එදා යුද්ධයේ දී තමන්ගේ සැමියා අහිමිව අදත් සුසුම්ලමින් සිටිනවා. නමුත් මව්බිම බේරාගැනීමට ඒ වීරෝදාර රණවිරුවන් කළ කැප කිරීම එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය එදත් හෑල්ලුවට ලක් කළා. බුද්ධි අංශ වැනි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ වැදගත් අංශ සතුරන්ට පාවා දුන්නා. ඒ තත්ත්වය අදත් එසේමයි.
     
    එදා ඒ රණ විරුවන් දිවි හිමියෙන් රැකගත් රට අද විවිධ ජාත්‍යන්තර බලවේගවලින් ආරක්ෂා කරගත යුතුව තිබෙන නිසා ඒ පිළිබඳව විශේෂයෙන් කාන්තාවන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. එහි එක් වැඩසටහනක් ලෙස මේ අයුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තාවන් දැනුවත් කිරීම සාර්ථකව සිදුකරමින් සිටිනවා.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට එදා යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සෑම මැතිවරණයකදීම කාන්තාවන් බහුතරයකගේ ආශිර්වාදය ලැබුණා. මව්බිම බේරා ගැනීමට කාන්තාව අතීතයේ සිට මේ දක්වා අසමසම කැපකිරීම් සිදුකර තිබෙනවා. ඕනෑම කාන්තාවකට ගරු කිරීම තම මවට ගරු කිරීමක් හා සමානයි.

    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ රටේ වැඩියෙන්ම වෙහෙසෙන්නේ කාන්තාවයි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපමණ දුක් කරදර විඳිමින් කාන්තාව මේ රට නැංවීමට අමිල සේවයක් සිදු කරනවා.
     

    ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ අනෙකුත් පක්ෂවලට සෙවණ දෙන සුවිසල් වෘක්ෂයක් වගෙයි. ඒ සෙවණේ හැදී වැඩී පෝෂණය වූ බොහෝ පක්ෂ අද මේ රටේ ජාතික දේශපාලනය තුළ දක්නට තිබෙනවා.”

    මෙහි දී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, “යුද්ධය පැවති සමයේ බටහිර රටවල් කළේ මේ රටේ දේශපාලඥයන්, මාධ්‍යවේදීන් වැනි ජනමතයට බලපෑම් කළ හැකි පිරිස් පිටරටවලට කැඳවා ඔවුන්ගේ මනස වෙනස් කර කොටින්ට මේ රටෙන් කොටසක් ලබාදීම සාධාරණීය කරණය කිරීමයි. භූමිය ඉල්ලා සටන් වදින සෑම රටකම සටන් වදින ත්‍රස්තවාදී කණ්ඩායමට විවිධ අයුරින් උදව් උපකාර කරමින් පටු අරමුණු ජයගන්න බටහිර රටවල් එදත් කටයුතු කළා. අදත් එය එසේමයි. යුද්ධය නිසා දකුණේ කාන්තාවන්ගේ ඇස්වලින් ගලා ගිය කඳුළු ගංඟා, දුක් අඳෝනා එදත් බටහිර රටවල්වලට පෙනුණේ නැහැ. ගමයි නගරයයි එක් කළ සංවර්ධනයේ පාලම ඉදිකිරීම මේ රජයට හැකි වුණේ එදා මාවිල්ආරු සොරොව්ව විවෘත කර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ අභීත නායකත්වයෙන් යුද්ධය, යුද්ධයක් ලෙස කළ නිසයි.         

              
    අද ඇමරිකාව, බ්‍රිතාන්‍ය යන වැනි රටවල නායකයෝ මැතිවරණවල දී කොටින්ගේ ඡන්දය අපේක්ෂාවෙන් අපට විවිධ අසත්‍ය චෝදනා නඟමින් සිටිනවා. එදා ප්‍රභාකරන් ඉදිරියේ දණ ගසා ගිවිසුම් අත්සන් කර මේ රට පාවා දුන් විපක්ෂය  බලයට පත් කළොත් නැවතත් මේ රට ප්‍රභාකරන්ගේ අනුගාමිකයන්ට අයිති වෙනවා. ඒ නිසා මේ රටේ බුද්ධිමත් කාන්තාව කළ යුත්තේ බටහිරට ආවඩන රූකඩ නායකයන් බිහිකිරීම නොව සත්‍ය වශයෙන්ම මව්බිමට ආදරය කරන සැබෑ නායකයන් බිහි කිරීමට ආශිර්වාදය, ශක්තිය ලබාදීමයි.”
     
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, වයඹ පළාත් සභා මන්ත්‍රී මංජුලා දිසානායක, මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වූහ. ලිය අභිමන් සංවිධානයේ සභාපතිනි නීතිඥ පුෂ්පා රාජපක්ෂ, රණ විරු සේවා අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනි නන්දා ඉංදුවංශ, ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන, මහර ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සුදීමා චාන්දනී යන මහත්ම මහත්මීන් සහ මහර මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සමිති 247කට අයත් සාමාජිකාවන් දෙදෙහසකට අධික පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ECB

    thissakaraliyadda-mahara-meeting2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya