මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය කඳවුරු ඉවත් කරන්නේ නැහැ

    ජූලි 24, 2014
    රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කඳවුරු ඉවත් කරන්නේ නැති බවත් එකී කඳවුරු සඳහා පෞද්ගලික පුද්ගලයින්ගේ දේපළක් අයත්ව ඇත්නම් එවැන්නන් හට වන්දි පිරිනමනු ලබන බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කර සිටියේය.
     
    මිරුසුවිල් හමුදා කඳවුර සම්බන්ධයෙන් පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම හමුදා කඳවුර පිහිටි භූමි භාගයේ එක්තරා කොටසක් එක් කාන්තාවකට අයත් බවද එකී කාන්තාව දැනට පුංගුඩුතීවූහි ජීවත් වන බවත්, ඇයට අයිති බිම් කොටසට වන්දි ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර සිට ඇති අතර වන්දි ගෙවීමේ කටයුතු සඳහා මෙම ඉඩම් මැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ බවද පැවසු වනිගසූරිය මහතා ඒ සඳහා එකී කාන්තාවට ද ඇරියුම් කර තිබුණ බව ද වැඩිදුරටත් පවසා සිටියේය.
     
    කලින් මේ සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර සිටි ඇය හදිසියේ මෙම ඉඩම මැනීමේ කටයුතු සඳහා සිය විරෝධය පෑම කිසියම් පිරිසකගේ ඕනෑ එපාකම් පිරිමසා ගැනීම සඳහා සිදු කරන ලද්දක් බවට විශ්වාස කළ හැකි බවත් මෙම ඉඩම එල්.ටී.ටී.ඊ.  පුහුණු කඳවුරක්ව පැවති එකක් වන අතර යුද හමුදාව විසින් මෙය අත්පත් කර ගනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගෙන් බවද මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    1995 වසරේ සිට උතුරු ප්‍රදේශයේ රටේ ආරක්ෂාව සඳහා කඳවුරු පිහිටුවීම ආරම්භ කරන ලද බව පැවසූ රුවන් වනිගසූරිය මහතා 2009 වර්ෂයේ දී යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මේ වන විට මෙම ප්‍රදේශයේ තිබූ හමුදා කඳවුරු 200ක් පමණ ඉවත් කරගෙන ඇති බවද එසේ වුවද රටේ ආරක්ෂාව සඳහා තවදුරටත් අත්‍යවශ්‍ය කඳවුරු තවදුරටත් පවත්වාගෙන යා යුතුව ඇති බවද අවධාරණය කර සිටි අතර මිරිසුවිල් කඳවුරද එකී ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කදවුරක් බැවින් එය දිගටම පවත්වාගෙන යනු ලබන බවද උක්ත කරුණ සම්බන්ධයෙන් ඉඩම් දෙපාර්තමේන්තුව විසින් 1950 ඉඩම් පවරා ගැනීමේ පනතට අනුව ඉදිරි වැඩ කටයුතු කරගෙන යනු ඇති බවද මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    මෙම කරුණු ප්‍රකාශ වූයේ ඊයේ (23) කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය 
    සාකච්ඡාවකදීය.
     
    DB/priu
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya