මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් ණය ආවරණ යෝජනා ක්‍රමයට මහජන බැංකුව එක් වෙයි

    ජූලි 24, 2014

    රන් භාණ්ඩ උකස් ණය සඳහා වන ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහජන බැංකුව අතර ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණ.

    මෙම ණය ඇප ආවරණ ණය යෝජනා ක්‍රමය තුළින් ගොවීන්ට, සුළු ව්‍යාපාරිකයින්ට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආර්ථික හා ව්‍යාපාර කටයුතු කිරීම සඳහා සහන පොලී අනුපාත මත ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිවේ. දැනට බැංකුවේ රන් වටිනාකමට ලබා දෙන ණය මුදලට වඩා 15%ක වැඩි ණය මුදලක් මේ යටතේ ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

    මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000 දක්වා 15%ක සියලු ගාස්තු ඇතුළත්ව වාර්ෂික පොලී අනුපාතයක් මත රන් භාණ්ඩ උකස් ණය ලබා දෙයි. විශේෂයෙන් ම කෘෂිකාර්මික හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලෙන්නන් වෙනුවෙන් මෙම ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.

    මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සංවර්ධන) එම්.ජේ.එස්. අබේසිංහ, අතිරේක අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.කේ. අත්තනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එච්. මොහොට්ටි, ජ්‍යේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.කේ.බී. දුනුතිලක, සහකාර අධ්‍යක්ෂ බී.එම්.ජේ. විජේසුන්දර, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) බොනිෆස් සිල්වා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya