මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාක් සමුළු බැංකුවක් ආරම්භ කිරීමට මෝදිගෙන් සැලසුමක්

    ජූලි 24, 2014

    මැයි මස පැවති ඉන්දීය අගමැති පදවිප්‍රාප්ති දිනයේදී BRICS අරමුදලෙහි සාමාජිකත්වය දරන නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දියානු රජය විසින් දකුණු ආසියාව ඉදිරියට ගෙන යාම සඳහා සාක් සමුළු අරමුදලක් පිහිටුවීමට සාක් සාමාජික නායකයින්ට ආරාධනා කළ බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පවසයි.

     

    භූතානයේ පසුගිය අඟහරුවාදා ඇරඹි කලාපීය අමාත්‍ය කණ්ඩායම් කවුන්සිලයේදී සාක් සංවර්ධන බැංකුවක් ඇරඹීමට ඉන්දියාව යෝජනා කළ බව නව දිල්ලියේ ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.

     

    මෙවැනි සංවර්ධන බැංකුවක් ඇරඹීමෙන් වෙළඳ පොළ සඳහා මුදල් යෙදවීම තුළින් ප්‍රාදේශීය ඒකාබද්ධතාව වර්ධනය වන බැවින් වාණිජ දෙපාර්තමේන්තුව විසින් දකුණු ආසියා සංවර්ධන බැංකුව සඳහා තම උපරිම සහය ලබා දෙන බව ඉන්දීය රාජ්‍ය නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

     

    සාමාජික රටවල් මේ සඳහා එකඟ වුවහොත් මෙය ජාතීන් 08ක පළමු ප්‍රාදේශීය සමූහ බැංකුව වන අතර ලොව මූල්‍යමය ක්ෂේත්‍රයේ ඉහළට නැගීම සඳහා සාමාජික රටවල වෙළඳ පොළ පහසුකම් සැපයීමට හා වෙළඳ පොළ වර්ධනයට මුදල් යෙදවීමටද හැකියාවක් ලැබේ.

     

    නව සංවර්ධන බැංකුව (NDB) ඩොලර් බිලියන 100ක අරමුදලක ආයෝජනයක් වනු ඇතැයි BRICS සමූහය පසුගියදා නිවේදනය කරන ලදී. නව සංවර්ධන බැංකුවෙහි ප්‍රධාන මූලස්ථානය ෂැන්ග්හයි (Shanghai) පිහිටුවන අතර එමගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීම සිදු වේ. මෙම නව සංවර්ධන බැංකුව සඳහා සාක් සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාල දිවයින්, නේපාලය, පකිස්තානය හා ඇෆ්ගනිස්තානය යන රටවලට ආරාධනා කෙරේ.

     

    විශේෂඥයින්ගේ මතයට අනුව මෙම යෝජිත බැංකුව දකුණු ආසියාවේ ආර්ථික සංවර්ධන අභිවෘද්ධියට හේතු වනු ඇත.

     

    භාණ්ඩ, සේවා හා සංවර්ධන සඳහා ආයෝජනයන්ගෙන් වෙළඳපොළ වර්ධන වේගය ඉහළට ගෙනයන මෙම ප්‍රාදේශීය බැංකුව  ගිනිකොන දිග ආසියා රාජ්‍යයන්ගේ ආර්ථික සංවර්ධන ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්වන බව නවදිල්ලි කලාප ගවේෂණ හා තොරතුරු මණ්ඩලයේ මහාචාර්ය රාම් උපේන්ද්‍ර දාස් මහතා ප්‍රකාශ කර ඇත.

     

    Special Reporter

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya