මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩන අවපාතයක් වර්ධනය වීමේ ලකුණු Featured

    නොවැම්බර් 03, 2018

    දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද(නොවැම්බර් 03) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    ඉදිරි දින කිහිපයේදී එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයින දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී.
    කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳව අවධානයෙන් පසුවන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    තවද ඉදිරි දින කිහිපයේදී ගැඹුරු මහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකී සිටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට, මි.මී. 100-150 පමණ තද වැසි ද ඇති විය හැක. (විශේෂයෙන් කෑගල්ල, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල)

    ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොතුවිල් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට, මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් හදිසි තත්වයකදී ප්‍රාෙද්ශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින්ගේ සහය පතන ලෙසත් කලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya