අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ප්‍රතිපත්තියක් අවශ්‍යයි - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා

    නොවැම්බර් 01, 2018

    දේශපාලකයින් මාරු වනවිට, රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවත්, අධ්‍යාපනයට දේශපාලනයෙන් තොර ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

    නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද(01) පෙරවරුවේ ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය අමාත්‍යධූරයෙහි වැඩ භාරගනු ලැබුවා.

    ආගමික වතාවත් පෙරදැරිව සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට නව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක් ව සිටියා.

    වඩා වැදගත් වන්නේ අප කිසිවෙක් දරන තනතුරු නොව අප සතු ඉලක්කයන් සහ ඒවා සාක්ෂාත් කරගන්නට අපට ඇති හැකියාව බවත්, තොරතුරු ගබඩා කරමින් දැනුම දියුණු කරන්නන් වෙනුවට අධ්‍යාපනය කේන්ද්‍රගත විය යුත්තේ ප්‍රඥාව දියුණු කළ හැකි ක්‍රමයකට බවත්, ලෝකයේ දියුණු රටවල් මේ වනවිටත් ඒ ක්‍රමයට අනුගත ව සිටින බවත්, අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ද එවන් වෙනසකට ලක් කිරීම අත්‍යවශ්‍ය බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම සම්බන්ධ ව දෙමව්පියන් ඇතුළු සමස්ත සමාජය වෙහෙසෙන ස්වභාවය ගැටළුකාරී බව ද, විශේෂයෙන් ම මෙරට අධ්‍යාපනඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමු කළ යුතුව පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු සියලු නිලධාරීන්ගෙන් ශක්තිමත් සහයෝගයක් තමන් වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya