අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තද වැසි තවදුරටත්

    නොවැම්බර් 01, 2018
    තද වැසි තත්ත්වයන් ඊයේ (31)දිනයේ සිට අඩණ්ඩව බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
    දිවයින වටා මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන්  ගාල්ල සිට මඩකළපුව, යාපනය හරහා මන්නාරම දක්වා  මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත්,
    උතුර,උතුරුමැද,වයඔ,ඌව,මධ්‍යම පළාත්වලට  මිලිමිටර් 100ක වර්ෂාපතනක්  හා සෙසු පළාත්වලට  මිලිමිටර් 75ක් තරම් වැසි තත්ත්වයක් බලාපොරොත්ත වන බවත්,නායයාමේ අනතුරු  ඇඟවිම් නිකුත්  නොවුනද  ජාතික ගොඩනැඟිලි  හා පර්යේෂණ  ආයතනය ඒ සම්බන්ධයෙන් විමර්ශයෙන් පසු වේ.
     නායයැම ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙසත්,මඩ උල්පත් මතුවිම්,පොළොවේ ඉරිතැලිම් මතුවිම්,ගල් පෙරලිම්,බිත්ති  ඉරිතැලිම්,ලස් ඇළවිම් ආදි ලක්ෂණ සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් පසු වන ලෙසට  ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
    මිට අමතරව ජලාශ ආශ්‍රිතව වාන්දොරටු කිහිපයක් ම විවෘත කර ඇත.එනම්,තබ්බෝව වැවේ වාන්දොරටු 4ක්ද, රාජාංගනය වාන්වැවේ දොරටු 04ක් ද, දැදුරු ඔයේ වාන්දොරටු 2ක්ද, මඩකළපුවේ කල්මුණේ බටහිර වැවේ  වාන් දොරටු 03ක් ද මේ වන විට විවෘතව කර තිබේ.
    අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කය ජලය තවදුරටත් එක්රැස් වි ඇති බව වාර්තා වන අතර,ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ  ජනතාව ද පිඩාවට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමණාකරණය ඒකකය හා එහි නිලධාරින්  අඛණ්ඩව  වැඩ කටයුතු කරන බව ආපද කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
    මිට අතරව 117 දුරකථන අංකය පැය 24 පුරා ම ක්‍රියාත්මක  වේ.
    පවත්නා තත්ත්වයට මුහුණ දිම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හුමදාව සුදානමින් සිටියි
     අකුණු අනතුරු අවම කරගැනිම සඳහා ජනතාව ඒ සම්බනධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත් වැඩි දුරටත් එහි දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya