මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ තිබී හෙරොයින් තොගයක් සොයා ගැනේ

    ජූලි 22, 2014


    ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ තිබී ඊයේ (21) පස්වරුවේ හෙරොයින් තොගයක් සොයා ගත් අතර, එහි වටිනාකම රුපියල් මිලියන 656.32ක් පමණ වන බව ශ‍්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    පකිස්තානයේ කරච්චි නුවර සිට ආනයනය කළ කාර්මික ඇඹරුම් යන්ත‍්‍ර 03ක සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 93.76ක් පමණ රේගුව මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය තොගය ඉතාමත් සූක්ෂම ලෙස ඇඹරුම් යන්ත‍්‍රවල සිලින්ඩර තුළ සඟවා තිබූ බව ලෙස්ලි ගාමිණී මහතා පැවසීය. 

    හෙරොයින් තොගය ආනයනය කළ පුද්ගලයා සහ රේගු නිෂ්කාශන නියෝජිතයින් දෙදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් පිළිබඳ සියලු ම පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව පැවසූ ශ‍්‍රී ලංකා රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා තවදුරටත් පැවසුවේ, මෙම හෙරෝයින් තොගය අද දවස ඇතුළත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දීමට කටයුතු කරන බවයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya