මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද අයදුම්පත් 6න් පසු දීර්ඝ නොකෙරේ Featured

    ජූලි 22, 2014


    ඌව පළාතේ පළාත් සභා ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව ලබන මස 06 අවසන් වීමට නියමිත බවත්, එම දිනය කිසිම හේතුවක් මත නැවත දීර්ඝ කරනු නොලබන බවත්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    මෙම ඡන්ද විමසීමේදී ඌව පළාතේ පළාත් සභා බලප්‍රදේශයේ පරිපාලන දිස්ත්‍රික්ක තුළ සේවය කරන ඡන්ද විමසීම් රාජකාරී සඳහා යෙදවීමට නියමිත සියලු ම රාජ්‍ය නිලධාරීන්/ සේවකයන්, විදුහල්පතිවරුන්/ ගුරුවරුන්, එම පළාත්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්/ සේවකයන්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්/ සේවකයින්, දුම්රිය සේවා පවත්වාගෙන යාම පිණිස අත්‍යවශ්‍යම වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්/සේවකයින් සහ දිවයිනේ සියලු ම ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවල නිරත වන ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සක්‍රීය ආරක්ෂක සේවයේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන අතර, තැපෑලෙන්  ඡන්දය ඡන්දය දීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ කාලසීමාව අවසන් වන තෙක් නොසිට නොපමාව ස්වකීය ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කරන ලෙස තැපෑලෙන් ඡන්දය දීම සඳහා  ඉල්ලුම් කිරීමට සුදුසුකම් ඇති සියලු දෙනාගෙන් මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටී. මෙම ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීම පිණිස ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වූ තොරතුරු 2013 ඡන්ද හිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබා ගත යුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.


    ඌව පළාතේ පළාත් සභා බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් වශයෙන් ලියාපදිංචි එහෙත් දැනට දිවයිනේ වෙනත් පළාත්වල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තැපැල් ඡන්ද පහසුකම් සැලසිය නොහැකි බවත්, එම නිලධාරීන් සඳහා 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 123වැනි වගන්තිය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා ගත හැකි බවත් පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් පැවසුවේ, එබඳු පුද්ගලයින් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලීම් නොකළ යුතු බවයි. මෙවැනි නිලධාරීන් මෙම ඡන්ද විමසීමට අදාළව විශේෂ රාජකාරීවල යෙදවීමට අපේක්ෂා කරන්නේ නම් තැපැල් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට ක්‍රියා කරන ලෙස ඔවුන්ට දැනුම් දීමට පියවර ගනු ලබන බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
     

    සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂාකර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳ නිසැක වී සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත ලබන මස 06 හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබෙන සේ යැවිය යුතු බවත්, එම දිනය නැවත දීර්ඝ නොකරන බවත්, නියමිත දිනට පසුව ලැබෙන අයදුම්ත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත්, මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

    තැපැල් ඡන්දය දීම සඳහා හිමිකම් ඇති සියලු ම තැපැල් ඡන්දදායකයන්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාම ලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයවල එම දිස්ත්‍රික්කයට අදාළ සියලු ම නාම ලේඛන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ලේඛන, සියලු ම ග්‍රාම නිලධාරී කාර්යාලවල ග්‍රාම නිලධාරී වසමට අදාළ කොටසේ නාම ලේඛන ප්‍රදර්ශනය කර ඇත.

    2014 ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සඳහා වූ ආකෘතිපත්‍ර භාර ගැනීමේ දී ග්‍රාම නිලධාරීන් විසින් ගෘහ මූලිකයින් වෙත ලබා දී ඇති ලදුපත් 2013 ලියාපදිංචි ඡන්ද දායකයින් පිළිබඳ විස්තර ඇතුළත් කර ඇති අතර, තැපැල් ඡන්ද අයදුම්පත සම්පූර්ණ කිරීමේදී ද එම තොරතුරු ඇතුළත් කර ගත හැකි බවද  පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් පැවසුවේ, මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර මැතිවරණ දෙපාර්තමේන්තුවට අංක 0112868426 වෙත ෆැක්ස් මගින් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඉ- තැපැල් ලිපිනයටද එවීමෙන් තැපැල් ඡන්ද දායකයින්ට අදාළ තොරතුරු ලබා ගත හැකි බවයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya