මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" - සම්මේලන රට වටා Featured

    ජූලි 21, 2014

    "රට රකින නිල් පවුර, සුරකිමු මව්බිම" යන තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම මත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් මේ වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි  ආසන නියෝජිත සම්මේලන මාලාවක් සංවිධානය කරමින් පවතී.


    මේ වනවිට ආසන 48ක් ආවරණය කරමින් මෙම සම්මේලන මාලාව ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් ආසන ද ආවරණය වන පරිදි ඉදිරියේ දී මෙම සම්මේලන මාලාව තවදුරටත් ක්‍රියාත්මක වේ.


    රජය ගන්නා ක්‍රියා මාර්ග හා රටේ සංවර්ධනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම සම්මේලන මාලාවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ ඉදිරි ගමන්මඟ සහ රට සංවර්ධනය කිරීම පිළිබඳව මෙන්ම ජනතාව හා ආසන නියෝජිතයන් අතර සම්බන්ධතාව වර්ධනය කර ගැනීම ද මෙම සම්මේලන මාලාවේ අරමුණු අතර වේ.


    මෙම සම්මේලන මාලාවට සමගාමීව කාන්තා හා තරුණ සම්මේලන මාලාවක්ද පවත්වාගෙන යනු ලබන අතර මෙම සම්මේලන මාලාව කේන්ද්‍ර කර ගනිමින් විශාල ජන ආකර්ෂණයක් තිබීම මෙහි සුවිශේෂිතාවකි. මැති ඇමතිවරුන්, අදාළ ක්‍ෂේත්‍රයන්හි  ප්‍රවීණයන්, ආසන සංවිධායකවරුන් ආදී ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සම්මේලන මාලාව ක්‍රියාත්මක වේ.
     

    මේ වනවිට උඩුදුම්බර​, බිබිල​, මොනරාගල, වැල්ලවාය​, ඇහැළියගොඩ, බලංගොඩ, වැලිමඩ, බණ්ඩාරවෙල​, හපුතලේ, මහනුවර​, බදුල්ල​, නුවරඑළිය​, රත්නපුර​, පොල්ගහවෙල​, කුරුණෑගල​, මාවනැල්ල​, රුවන්වැල්ල, රඹුක්කන​, මහියංගනය​, කොත්මලේ, කොළොන්න​, ගලගෙදර​, කෑගල්ල, යටියන්තොට ආදී ආසනවල මෙම සම්මේලන මාලාව ක්‍රියාත්මක කර ඇත​.


    එසේම දඹුල්ල​, කුලියාපිටිය​, මාවතගම​, පොලොන්නරුව​, මිහින්තලය​, මීගමුව​, ගම්පහ​, පානදුර​, රත්මලාන​, මොරටුව​, ගාල්ල, තංගල්ල මාතලේ, රත්තොට, වාරියපොළ, යාපහුව​, ත්‍රිකුණාමලය, මැදවව්චිය​, බේරුවල​, බලපිටිය ආදී ආසනවල ඉදිරි මාස කිහිපය තුළ මෙම සම්මේලන මාලාව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසයි.


    ST

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya