මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෘතුගාලයේ අග්‍රාමාත්‍යවරයා වරාය අධිකාරියේ විශේෂ සංචාරයක

    ජූලි 21, 2014

    ශ‍්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක නියුතු පෘතුගාලයේ අග්‍රාමාත්‍ය පෙද්රෝ පැසෝස් කොඑල්ගෝ (Pedro Passos Coelho) මැතිතුමා ඊයේ (20) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ සංචාරයක නිරත විය.


    ඔහුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප‍්‍රියත් බී. වික‍්‍රම මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, ශ‍්‍රී ලංකාවට හා පෘතුගාලයට වැදගත් නාවික වෙළඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවණතා පිළිබඳ මෙහි දී අවධානය යොමුවිණි.

    වරාය අධිකාරිය පරිශ‍්‍රය වෙත පැමිණි පෘතුගාල අග‍්‍රාමාත්‍යවරයා, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාලය අසල ස්ථාපිත කොට ඇති ඓතිහාසික ශෛලමය පෘතුගාල ලාංඡනය නැරඹූ අතර, එය යටත් විජිත සමයේ දී පෘතුගීසීන් ලංකාවට පැමිණි අවස්ථාවේ පිහිටුවන ලද ස්මාරකයක් ලෙස පිළිගැනේ.

    මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීන් හා පෘතුගාලයේ රාජ්‍ය තාන්ත‍්‍රික පිරිසක්ද සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya