තැපැල් ඡන්දයට අයදුම්පත් ඉදිරිපත් කිරීම පසුගිය 18දා ආරම්භ විය. අයදුම්පත් අගෝස්තු 06ට පෙර සිය දෙපාර්තමේන්තු ප්‍රධානියා මඟින් දිස්ති‍්‍රක්ක තේරීම්භාර නිලධාරියා වෙත හෝ දිස්ති‍්‍රක්ක මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතු වේ.
ඌව පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 942,730 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති අතර ඉන් ඡන්ද දායකයින් 609,966ක් බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් ද ඡන්ද දායකයින් 332,764 මොනරාගල දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් ද සුදුසුකම් ලබා ඇත.
DB