මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් ආණ්ඩුකාර නව තනතුරේ වැඩ භාරගනී

    ජූලි 21, 2014

    උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා යළිත් පත් කරනු ලැබූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අද (21) පෙරවරුවේ සුබමොහොතින්  සිය කාර්යාලයේදී වැඩභාර ගත්තේය.


    පසුගිය (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී චන්ද්‍රසිරි මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


    2009 ජූලි මාසයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පළමුවරට පත් වූ චන්ද්‍රසිරි මහතාගේ දෙවන ධුර කාලය පසුගිය 12 වැනිදා සිට වසර 5ක් ඉදිරියට බල පැවැත්වේ.

    මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ තමාගේ පෙර සේවා කාලය තුළ මෙම පළාතේ අධ්‍යාපනය, සෞඛ්‍ය, නැවත පදිංචි කිරීම, උතුරු වසන්තය යනාදියට අදාළ වැඩසටහන් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වූ බවත්, පළාත් පාලන මැතිවරණය පවා ඉතා සාමකාමීව සියලු දෙනාගේ සහයෝගයෙන් පැවැත්වීමට හැකි වුණ බවත්ය. ඉදිරියේදීත් එම කටයුතු මෙම පළාතේ ජනතාව සමඟ සුහදව කටයුතු කරමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් පැවසීය.


    ජී.ඒ. චන්ද්‍රසිරි මහතා යාපනයේ ත්‍රිවිධ හමුදා ආඥාපති ලෙස කටයුතු කරන සමයේ මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලට පහරදී කොටි ත්‍රස්තවාදීන් ඒ 9 මාර්ගය වසා දැමීමට කටයුතු කරන ලද අතර යාපනය ආරක්ෂා කර ගනිමින් එහි ජනතාගේ ජනජීවිතය යහපත් ව පවත්වාගෙන යාම සඳහා විශාල මෙහෙවරක්ද ඉටු කළේය.

    අනතුරු ව මානුෂීය මෙහෙයුම ආරම්භ වී දමිළ ජනතාව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් අවතැන්වූවන් ලෙස වවුනියාවට පැමිණි සමයේ චන්ද්‍රසිරි මහතා සහන ගම්මාන පිළිබඳ නිසි බලධාරීවරයා ලෙස ද කටයුතු කළේය.එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදාවූ අවස්ථාවේ උතුරු පළාත් සභාව පිහිටුවා නොතිබූ කාලසීමාවේ සිට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් උතුරු පළාතේ සියලු ම රජයේ සංවර්ධන කටයුතු මෙහෙයවීමේ වගකීම ඉටුකරමින් චන්ද්‍රසිරි මහතා කටයුතු කළේය.

    යාපනයේ ආරක්ෂක හමුදා අණදෙන නිලධාරියා වශයෙන් අවුරුදු තුනක ආදර්ශවත් සේවයක් සිදු කළ මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා යුද හමුදාවෙන් විශ්‍රාම යනවිට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සේවය කරමින් සිටියේය.
     

    උතුරු පළාත් ආණ්ඩුකරවරයා සිය තනතුරේ වැඩභාර ගන්නා අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් විජය ලක්ෂමී, යාපනය නගරාධිපතිනිය යෝගේෂ්වරී පත්ගුණරාසා යන මහත්මීන්ද උතුරු පළාත් සභා සාමාජික තවරාජා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

     ECB/PS_dmu_Jaffna

    Reappoint 2

    Reappoint 6

    reappoint-3

    reappoint4

    Reappoint-5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya