මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටැන්සානියාව හා ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම්වලට එළැඹේ Featured

    ජූලි 21, 2014

    ටැන්සානියා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමති බර්නාඩ් කේ. මෙම්බි (Bernard K. Membe) මහතා ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සඳහා අද (21) දිවයිනට පැමිණියහ.


    මෙම සංචාරයේ මූලික අරමුණ වූ ද්විපාර්ශවික අවබෝධතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් හා වෙළඳ ගිවිසුමට අත්සන් තැබීම අද (21) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සිදු කරන ලදී.


    මෙම්බි මහතා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සමඟ සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හා දේශපාලන උපදේශනය පිළිබඳ ද්විපාර්ශවික අවබෝධතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීම මෙහිදී සිදු කෙරිණි.


    පොල් සංවර්ධනය හා පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් වන ගිවිසුමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ද ටැන්සානියාව වෙනුවෙන් ඇමැති මෙම්බි මහතා විසින් ද අත්සන් කරනු ලැබූහ. ‍


    ටැන්සානියා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැති බර්නාඩ් කේ. මෙම්බි මහතා සමඟ පැමිණි දූත පිරිස, විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන්, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    අද (21) අරලිය ගහ මන්දිරයේ දී මෙම්බි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද හමු වූ අතර හෙට (22) තම සංචාරය නිමා කර ටැන්සානියාව බලා යාමට නියමිතය.


    SDF/HC

    Tanzania Foreign Affairs Minister Meet to G.L Peiris 3

     

    Tanzania Foreign Affairs Minister Meet to G.L Peiris 2

    Tanzania Foreign Affairs Minister Meet to G.L Peiris 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya