මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීළඟ දශකයේදී ශ්‍රී ලංකාව පාරාදීසයක් බවට පත් වෙනු නිසැකයි Featured

    ජූලි 21, 2014

    - ටැන්සානියා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැති

     

    ත්‍රස්තවාදී යුද්ධයක් අවසාන වී අවුරුදු 05ක කාලයකදී තමන් කවුරුදැයි ලොවට පෙන්වීම ඉතා දුෂ්කර කටයුත්තක් වුවද ශ්‍රී ලංකා රජය විසින් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට දරන උත්සහය තුළින් ස්වාධීන ආර්ථිකයක් ගොඩ නංවාගෙන ඇති බවත් මීළඟ දශකයේදී නිසැකවම ශ්‍රී ලංකාව පාරාදීසයක් බවට පත් වෙනු ඇති බවත් ටැන්සානියා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැති බර්නාඩ් කේ. මෙම්බි (Bernard K. Membe) මහතා අද (21) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.


    ද්විපාර්ශ්වික අවබෝධතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් හා වෙළඳ ගිවිසුමට අත්සන් තැබීම තුළින් ශ්‍රී ලංකාව හා ටැන්සානියාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා ටැන්සානියා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැතිවරයා ඇතුළු දූත පිරිස අද (21) දිවයිනට පැමිණියහ.


    ශ්‍රී ලංකාව හා ටැන්සානියාව අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1973 දී ආරම්භ වී ඇත. වර්තමානයේ උගන්ඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්හට ටැන්සානියාව අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි බලය පැවරී ඇත.


    ටැන්සානියාවේ ජනාධිපති Jakaya Mirisho Kikewteගේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2013 ජුනි 27-29 ටැන්සානියාවේ නිල සංචාරයක යෙදුණේ ය. එය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් ප්‍රථම වතාවට ටැන්සානියාවේ නිල සංචාරයක නිරත  වූ අවස්ථාව විය. එම සංචාරයේ දී සංචාරක සහයෝගීතාව, සංස්කෘතික සහයෝගීතාව, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම්වලට දෙරට එළැඹිණ.


    ටැන්සානියාවේ ජනාධිපති Jakaya මහතා 2013 පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඇමති Bernard K. Membe මහතා විසින් අද (21) මාධ්‍ය හමුවේදී 2013 පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව අති සාර්ථකව නිමා කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුභ පැතුම් ද එක් කරන ලදී.


    මෙම සංචාරයේදී දෙරට අතර වෙළඳ විවිධාංගීකරණ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සමඟ ඇමැති Bernard K. Membe මහතා ඇතුළු දූත පිරිස සාකච්ඡාවක්ද පවත්වන ලදී. ටැන්සානියාවේ බලශක්ති ක්ෂේත්‍රයන් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන විසින් දැනටමත් කුඩා ජල බලශක්ති ව්‍යාපෘති (mini-hydro power projects) සඳහා මුදල් ආයෝජනය සිදු කර තිබීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
     

    රෙදිපිළි නිෂ්පාදනය හා පොල් සංවර්ධනය හා පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම හා මෙතෙක් මෙම ක්ෂේත්‍රයන් ලද අත්දැකීම් ටැන්සානියානු රජය හා බෙදාගැනීමට සූදානම් බව එම සාකච්ඡාවේදී සහතික කරගත් බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකාව රෙදිපිළි නිෂ්පාදනය හා අපනයනය, පොල් වගාව, පොල් නිෂ්පාදනය හා අපනයනය අතින් දේශීයව මෙන්ම විදේශීයව ගොඩ නගාගෙන ඇති වෙළඳ පොළ ශ්‍රී ලංකා ආර්ථික දියුණුවට හේතු වී අතැයි ඇමැති Bernard K. Membe මහතා පවසන ලදී.


    ශ්‍රී ලංකාවෙන් උසස් අධ්‍යාපනය, සංස්කෘතික හා සෞන්දර්යාත්මක, ආරක්ෂක, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රයන්ගේ උපරිම සහයෝගීතාව ටැන්සානියාවට ලැබෙන බවත් ඒ තුළින් දෙරට අතර ද්වීපාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගැනීමට හැකි බවත් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.


    ශ්‍රී ලංකාවට නුමුහුන් සංවර්ධනයක් ඇති බව සතුටින් ප්‍රකාශ කළ ඇමැති මෙම්බි මහතා ඈතින් සිට ශ්‍රී ලංකාව පිළිබඳ ඍණ ආකල්ප ඉදිරිපත් කරන රටවලට ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය හා සමාජ පුනරුත්ථාපනය සියැසින් දැක ගැනීමට ආරාධනා කරන ලදී.
     

    SDF/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya