මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පරීක්ෂණය පිළිබඳ රටවල් පහක විරෝධය Featured

    ජූලි 21, 2014
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණය සම්බන්ධයෙන් රටවල් පහක විරෝධය පළවී ඇතැයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කරයි.
     
    එම රටවල් වන්නේ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පකිස්ථානය සහ මාලදිවයින් රාජ්‍යයයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දහතුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් හා විශේෂඥවරුන් තිදෙනෙකු ශ‍්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පත්කර ඇත. 
     
    මේ වනවිටත් ඉන්දියාව විසින් අදාළ පරීක්ෂණ කමිටුවට එරටට ඇතුළුවීම සඳහා වීසා ලබා දීම ද ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව අදාළ පරීක්ෂණ කමිටුවට සිය පරීක්ෂණ කටයුතු කිරීමට සිදුව ඇත්තේ දකුණු ආසියාවෙන් එපිට රටවල සිටය.
     
    මේ අනුව ඔවුන්ට දකුණු ආසියාවෙන් එතෙර අමෙරිකාවේ නිව් යෝර්ක්, ස්විට්සර්ලන්තයේ ජිනීවා සහ තායිලන්තයේ බැංකොක් වැනි නගරවල සිට මෙම පරීක්ෂණය කිරීමට සිදුව තිබෙන බව වාර්තා වන අතර ඔවුන් ඒ සඳහා ශී‍්‍ර ලංකාව ටෙලි කොන්ෆරන්ස්, ස්කයිප් ආදී ක‍්‍රම ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරණු ඇතැයි ද වාර්තා වේ.
     
    DB/ priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya