මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “විපක්ෂය එදා ත්‍රස්තවාදීන්ට පාවා දුන් මව්බිම අද බටහිර අධිරාජ්‍යවාදීන්ට පාවාදීමට උත්සහ දරනවා.” Featured

    ජූලි 21, 2014

    සාමයේ නාමයෙන් විපක්ෂය එදා කොටි ත්‍රස්තවාදීන්ට පාවා දුන් මව්බිම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ අභීත නායකත්වය මත වීරෝදාර රණවිරුවන් විසින් බේරාගත් නමුත් විපක්ෂය අද එය නැවත  බටහිර අධිරාජ්‍යවාදීන්ට පාවාදීමට උත්සහ දරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.

    “ රට රකින නිල් පවුර සුරකිමු මව්බිම ” යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීපව්‍යාප්තව ආරම්භ කර ඇති එම පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, විපක්ෂය එදා රටට කළ විනාශය ජනතා මතකයේ තිබෙන තුරු ඔවුන්ට රටේ පාලන බලය  දීමට ජනතාව කිසිවිටෙක කටයුතු නොකරන බවද, දශක තුනක් පුරාවට යුධ ගින්නෙන් දැවෙමින් තිබූ රට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය විසින් ගොඩනඟන බව ජනතාවගේ පරම විශ්වාසය බවත්ය.

     

    විවිධ මානව හිමිකම් සංවිධාන විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා මෙන්ම බලය ලබාගැනීමේ අරමුණින් විපක්ෂය ජනතාව අතර පතුරුවන අසත්‍ය කටකතා නිසා නිවැරදි තීරණ නොගන්නේ නම් ඉදිරියේ දී රටට සිදුවන හානිය පිළිබඳව ද මෙහි දී ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියදද් මහතා පැවසුවේ,   ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය කියන්නේ මේ රටේ ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාව වැඩි දායකත්වයක් ලබාදුන්නා. හෙට දවසේ ඇගේ වගකීම, යුතුකම එලෙසම ඉටුවන බව අද මෙතැනට පැමිණ සිටින සහෝදරියන්ගේ ප්‍රමාණයෙන් පෙනී යනවා. ලෝකයේ සමස්ත කාන්තා පරපුරටම ආඩම්බර විය හැකි අවස්ථාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලොව ප්‍රථම අගමැතිනිය බිහිකිරීමෙන් උදාකර දුන්නා. අද මේ රටේ කාන්තාවගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරන මානව හිමිකම් මුදලාලිලා දන්නේ නැහැ.

     

    ලෝකයේ ඇතැම් රටවල්, ජාතීන් සිටිනවා තමන්ගේ රටේ කාන්තාවන්ට වෙනත් ජාතියක පිරිමින් හා විවාහ වීමටත් ඉඩක් නැහැ. එය විශාල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. නමුත් ලංකාවේ කාන්තාවට එවැනි බාධා කිසිවක් නැහැ. ඇයට මේ රටේ පිරිමි දරන ඕනෑම තනතුරක් දැරීමට නිදහස, අවස්ථාව ලබා දී ඇති බව ප්‍රායෝගික සත්‍යයක්. ඒ වගේම මෙරට කාන්තාවන්ට එවැනි අගනා අවස්ථාවන් බොහොමයක් උදාකර දී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන් සමයේ බව ද නිහතමානී ආඩම්බරයෙන් සිහිපත් කරනවා.


    වත්මන් රජය කාන්තාවට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිසි තැන ලබාදී තිබෙනවා. කාන්තාවන් වෙනුවෙන් වෙනම ම අමාත්‍යාංශයක් පිහිටුවා තිබීමෙන් එය තවත් පැහැදිලි වෙනවා. පටු අරමුණු සඳහාම වෙනත් රටවල යුද්ධ ඇති කරන බටහිර ඇතැම් රටවල් මේ රට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අත්කර දීමට ගත් වෑයම පරාජය වූ නිසා ඔවුන් අද මේ රට බේරාගත් ජනාධිපතිතුමන් සමඟ වෛර බැඳ සිටිනවා. නමුත් මේ රටේ බුද්ධිමත් ජනතාව ජාති, ආගම්, දේශපාලන භේදයකින් තොරව ජනාධිපතිතුමා ආරක්ෂා කිරීමට අත්වැල් බැඳගෙන සිටිනවා.”
     

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, උතුරුමැද  පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර, අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්ප කුමාර යන මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වූහ.මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන සන්ධ්‍යා සිරිවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ලක්ෂ්මන් ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සමිතිවල නියෝජිතයන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරිනියන් දෙදහසකට අධික පිරිසක් සහභාගී වූහ.

     ECB

    thissa-karaliyadda-aththanagalla-2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya