මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදාපති චීනයේ සංචාරයක Featured

    ජූලි 21, 2014

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගියදා සිදුකරන ලද චීන සංචාරයේදී චීන සමූහාණ්ඩුවේ හමුදා ප‍්‍රධානී ජෙනරල් මැෂියෝ ෂෙයින් මුණ ගැසුණු අතර, එහිදී දෙරටේ හමුදාවන් අතර සහයෝගය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධව සුහද සාකච්ඡා පැවැත්විණි.

     

    එහිදී හමුදා ප‍්‍රධානීන් දෙදෙනා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.මෙම සංචාරය අතරතුර එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක චීනයේ ප‍්‍රධාන වෙළඳ ආයතනයක් මෙන්ම ගුවන් යානා හා ආරක්‍ෂක නිපැයුම් පිළිබඳ මූලික ආයතනයක් වන චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන නීතිගත සංස්ථාවේද සංචාරයක නිරත විය.

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින ගුවන් යානා විශාල ප‍්‍රමාණයක් චීන සමූහාණ්ඩුවේ මෙම ආයතනයේ නිෂ්පාදනය කළ ඒවා වන අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව එම ආයතනය සමඟ ඉතා දිගුකාලීනව සම්බන්ධතා පවත්වා ගෙන යනු ලබයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya