මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයින වටා

    ජූලි 21, 2014

    අද (21) පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැස්සක් හැරෙන්නට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල බලාපොරොත්තු විය හැකිය.

     
    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.


    හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන දිවයිනට ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සහ මීගමුව සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වීමට ඉඩ ඇත.  


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya