නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයට පැයට කි.මී. 80 දක්වා තද සුළං විටින් විට Featured

    ජූලි 21, 2014

    අද (21) මධ්‍යම කඳුකරයේ පැ. කි. මී. 70-80 දක්වා විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ අනෙක් කොටස්වලද විටින් විට තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාරයක් හෝ දෙකක් ඇති වේ. වයඹ පළාතට ද මඳ වැස්සක් අපේක්ෂා කළ හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල සහ කොළඹට මඳ වැසි ද රත්නපුරයට වැසි වාර කිහිපයක් ද නුවරඑළිය සහ මහනුවරට වැසි ස්වල්පයක් ද ඇති විය හැක.


    අනුරාධපුරය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.0°C මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.6°C මඩකළපුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.6°C නුවරඑළියෙන් ද මි.මී. 10.0ක උපරිම වර්ෂාපතනය​ කුකුළේගඟ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya