මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක මධ්‍යස්ථානවලට විදේශිකයින්ගේ පැමිණීම 18%කින් වැඩිවෙලා Featured

    ජූලි 20, 2014
    දෙහිවල ජාතික සත්වෝද්‍යානයට හා පින්නවල අලි අනාථාගාරයට 2014 වර්ෂයේ පළමු මාස 6 තුළ සංචාරකයින්ගේ පැමිණීම 2013 වර්ෂයේ මුල් මාස 06 සමඟ සංසන්දනය කිරීමේදී දේශීය සංචාරකයින්ගේ පැමිණීම 5%කින් ද, විදේශීය සංචාරකයින්ගේ පැමිණීම 18%කින් ද වැඩිවී තිබෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
     
    මෙම කාලසීමාව තුළ දෙපාර්තමේන්තුවේ ආදායම 44% කින් වැඩි කර ගැනීමට හැකි වී ඇත.
     
    2013 වසරේ දී මෙම සංචාරක මධ්‍යස්ථානවලට මිලියන 2.2ක දේශීය හා විදේශීය සංචාරකයින් පැමිණ තිබේ. 2012 වර්ෂයේ දී දෙපාර්තමේන්තුව ලබා ගත් සමස්ත ආදායම රුපියල් මිලියන 645ක් වූ අතර, එය 2013 වසරේ දී රුපියල් මිලියන 720ක් දක්වා වැඩි කර ගැනීමට හැකිවී ඇත. මෙම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස 11%කි. 
     
    මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා උපාය මාර්ගික සංවර්ධනය හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා පින්නවල අලි අනාථාගාරය යන සංචාරක මධ්‍යස්ථානවලට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව වැඩකර ගැනීමට හැකි වී තිබෙන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya