මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටැන්සානියා විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට Featured

    ජූලි 20, 2014
    (දෙවන යාවත්කාලීන කිරීම) ටැන්සානියා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැති Bernard K. Membe මහතා නිල සංචාරයක් සඳහා අද (20) පැමිණීමට නියමිත සිටිය ද ඇමතිවරයා හෙට (21) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
     

    ඒ අනුව  Membe මහතා හෙට දිවයිනට පැමිණෙන අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සමඟ සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හා දේශපාලන උපදේශනය පිළිබඳ ද්විපාර්ශවික අවබෝධතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹීමට නියමිතය.

     

    මීට අමතරව පොල් සංවර්ධනය හා පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් වන ගිවිසුමකට ද එළැඹීමට නියමිතය. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ද ටැන්සානියාව වෙනුවෙන් එරට විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැති Bernard K. Membe මහතාද අත්සන් කරනු ඇත. ‍

     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya