මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක බලකායේ වැලිඔය නව මූලස්ථානය ආරක්ෂක ලේකම් විවෘත කරයි Featured

    ජූලි 19, 2014

    වැලිඔය ප්‍රදේශයේ ඉදිකරන ලද සිවිල් ආරක්ෂක බලකායේ නව මූලස්ථානය ඊයේ (18 ) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

    පසුගිය කාලයේ ම්ලේච්ඡ කොටි ‍ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්ව ඉතා අබලන්ව හා ගරා වැටුණ තත්ත්වයට පත් වැලිඔය ප්‍රදේශයේ තිබූ ධීවර අභිජනන මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් විසින් ශුද්ධ පවිත්‍ර කිරීමෙන් පසු ප්‍රතිසංස්කරණය කර, එහි වැලිඔය සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානය ස්ථාපිත කෙරිණි. අණදෙන නිලධාරී නිල නිවසක්, සුබසාධක වෙළෙඳපොළක්, සරඹ භූමියක්, දේශන ශාලාවක්, කාන්තා භට නිවසක් හා බුදු මැඳුරක් යන ඒකකවලින් මෙය සමන්විත වේ.


    මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, ප්‍රදේශයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්, දිසාපතිතුමා හා හමුදා නිලධාරීන් ඇතුළු සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya