මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට ජල පිරිපහදු උපකරණ Featured

    ජූලි 19, 2014

    වැලිඔය සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) කන්තලේ, වැලිඔය, මැදවච්චිය, වව්නියාව, පුත්තලම, හොරොව්පතාන, යාල, කතරගම, මැදිරිගිරිය, මොණරාගල, කිලිනොච්චිය හා මිහින්තලේ යන බලකා මූලස්ථානයන්ට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් 262 දෙනෙකු සඳහා ජල පිරිපහදු යන්ත්‍ර බෙදා දෙන ලදී.

    පසුගිය කාලයේදී මෙම ප්‍රදේශවල විශාල පිරිසක් වකුගඩු රෝගවලට ගොදුරු වූහ. මේ හේතුවෙන් පසුගිය වසර 1 1/2 තුළ පමණක් සිවිල් ආරක්ෂක බලකායේ 91 දෙනෙකු මිය ගිය අතර තවත් සිය ගණනක් රෝගීන් බවට පත් වූහ. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක බලකා සත්කාරයක් ලෙස මෙම ජල පිරිපහදු උපකරණ බෙදාදීමට කටයුතු කෙරිණි.


    මීට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ මියගිය සාමාජිකයන් 14 දෙනෙකු සඳහා රුපියල් මිලියනය බැගින් වූ සුවසවිය ප්‍රතිලාභ බෙදාදීම හා විශ්‍රාම ලැබූවන්ගේ සේවය අගයමින් ඔවුන්ට සහතිකපත්‍ර බෙදා දීම ද ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරල් රියර් අද්මිරාල් ආනන්ද පිරිස්, පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.‍

     

    NDH/mod

    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya