මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015ට ජාතික පාසල් ගුරුභවතුන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් කැඳවයි Featured

    ජූලි 19, 2014

    2015 වර්ෂය සඳහා ස්ථාන මාරු අපේක්ෂා කරන ජාතික පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගෙන් අයදුම්පත්  කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙන අතර එම අයදුම්පත් 2014 අගෝස්තු 01 වැනි දිනට ප්‍රථම ජාතික පාසල් අධ්‍යක්ෂ, ගුරු ස්ථාන මාරු ඒකකය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා දැනුම් දෙයි.


    මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් හා ආකෘති පත්‍ර සියලුම ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙන අතර ස්ථාන මාරු සඳහා නියමිත ස්ථාන මාරු ආකෘති පත්‍රය මඟින් පමණක් ඉල්ලුම් කළ යුතුය.


    වාර්ෂික ස්ථාන මාරු සඳහා ඉදිරිපත් වන අයදුම්පත් සලකා බැලීම සඳහා වන ගුරුමාරු මණ්ඩල රැස්වීම් සැප්තැම්බර් මාසය තුළ පවත්වා ලබාගන්නා නිර්දේශ මත 2014 දෙසැම්බර් මාසයේදී ස්ථාන මාරු නියෝග ලබාදීම සඳහා කටයුතු සම්පාදනය වෙමින් පවතින බව ද ලේකම්තුමා වැඩිදුරටත් සඳහන් කරයි.


    මේ සම්බන්ධයෙන් 011-2784434 දූරකතන අංකය ඔස්සේ විමසීම් සිදු කළ හැකිය.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya