මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව සහ නැගෙනහිර ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි Featured

    ජූලි 19, 2014

    අද (19) දිවයිනේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල සහ කොළඹට මඳ වැසි ද නුවරඑළිය, රත්නපුරය, මහනුවර,  සහ වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    අනුරාධපුරය, මඩකළපුවට ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.


    මන්නාරම, යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2°C ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4°C නුවරඑළියෙන් ද මි.මී. 4.0ක උපරිම වර්ෂාපතනය​ දෙනියාය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya