මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටැන්සානියා විදේශ කටයුතු ඇමැති දිවයිනට Featured

    ජූලි 18, 2014
    ටැන්සානියා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැති Bernard K Membe මහතා තෙදින නිල සංචාරයක් සඳහා 20දා දිවයිනට පැමිණීමට නියමිතය.
     
    ඒ අනුව 20 දා දිවයිනට පැමිණෙන Membe මහතා 21දා විදේශ කටයුතු අමාත්‍යංශයේ දී දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිසමක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හා දේශපාලන උපදේශනය පිළිබඳ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹීමට නියමිතය.
     
    මීට අමතරව පොල් සංවර්ධනය හා පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් වන ගිවිසුමකට ද එළැඹීමට නියමිතය. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ද ටැන්සානියාව වෙනුවෙන් එරට විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැති Bernard K Membe මහතාද අත්සන් කරනු ඇත. 
     
    ටැන්සානියා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා ඇමැති Bernard K Membe මහතා 22දා දිවයිනෙන් පිටත් ව යාමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya