මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෝෂණ පාගමනක් සහ ආහාර පොළක් හෙට

    ජූලි 18, 2014

    මෙම වසරේ පෝෂණ මාසයට සමගාමීව පෝෂණ පාගමනක් සහ ආහාර පොළක් පැවැත්වීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය හා ජාතික පෝෂණ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.


    පෝෂණ පාගමන හෙට (19)  363, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ස්ථානයෙන් ආරම්භ වීමට නියමිත වේ. ආහාර පොළද එම ස්ථානයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.''නීරෝගී පරපුර රටේ ශක්තියයි'' යන තේමාව යටතේ  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් ''පෝෂණ පාගමන සහ ආහාර පොළ'' පැවැත්වේ.

    වස විසෙන් තොර ආහාරවල වැදගත්කම සම්බන්ධවත්, ආහාර නිෂ්පාදකයා සහ අලෙවිකරුගේ වගකීම සම්බන්ධවත් අමාත්‍ය චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවක් ද කාර්මික තාක්ෂණ ආයතන නව ගොඩනැගිල්ලේ (NIBM ආයතනය ඉදිරිපස) ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya