මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් චේතනාවක් නැති සියලු දෙනා අධ්‍යාපන සංවර්ධනයට අකමැතියි Featured

    ජූලි 18, 2014
    යහපත් චේතනාවක් නැති සියලු දෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා වෙනසකට අකමැති බවත් ඔවුන්ට යහපත් දේ හොඳ විදියට දැකීමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    බස්නාහිර පළාතේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීම හා නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)  පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    තමන් ඉගෙන ගත් පාසලේ විදුහල්පති මරා අවසන් කටයුතු සිදු කිරීමේ දී දණහිසෙන් ඉහළට ඔසවාගෙන යාම තහනම් කළ ප්‍රචණ්ඩ මානසිකත්වයෙන් තරුණ පිරිස් කටයුතු කළ යුගයක් තිබුණු බවත් වර්තමාන අධ්‍යාපනයේ හැරවුමත් සමඟ තරුණයන් රැකියා සොයා අතරමං නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    ගණිතය අසමත් වුවත් අනෙකුත් සුදුසුකම් මත වසර 2ක් තුළ ගණිතය සමත් කරදීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව ලබාදීමේ තීරණය ගත් බවත් 1995 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් 71%ක් එනම් සිසුන් 223,000 ගණිතය අසමත් වූ බවත් පැවසීය.

     

    මෙම අසමත් දරුවන් කිසිදු ඉදිරි අරමුණුක් නැතිව සමාජගත වන අතර ඔවුන් සමාජයට වෛර කිරීමට පටන් ගෙන සමාජ ප්‍රචණ්ඩත්වය ඇති කරන බවත් සෑම දරුවෙක්ම යහපත් පුරවැසියන් ලෙස සමාජගත කරන ඓතිහාසික තීරණයක් මහින්ද රාජපක්ෂ රජයෙන් ගෙන තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.  


    පරිගණක 40කින් යුත් පරිගණකාගාරයක්, පරිගණක 20කින් යුත් භාෂාගාරයක්, නැණස ඒකකයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතව රුපියල් ලක්ෂ 150කට වැඩි මුදලක් වැය කර මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් මෙම පාසලේ ස්ථාපිත කර තිබේ.  මීට අමතරව රුපියල් ලක්ෂ 800ක වියදමින් මහින්දෝදය තාක්ෂණ පීඨයේ ඉදිකිරීම් ද මෙම වසරේ අවසන් කිරීමට නියමිත බවත් පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya