මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික ඇසුරුම්කරණ ප්‍රදර්ශනය "ලංකා පැක්" අද සිට Featured

    ජූලි 18, 2014
    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාතික ඇසුරුම්කරණ ප්‍රදර්ශනය වන "ලංකා පැක්" ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටයි. මෙහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලාංකික ඇසුරුම්කරණ කර්මාන්තය මෙතෙක් ලබා ඇති ප්‍රගතිය විදහා දැක්වීම වන අතර ඇසුරුම්කරණ කර්මාන්තයේ විවිධ අංශයන් වන නව නිර්මාණ, නවීන තාක්ෂණය, ඇසුරුම්කරණ යන්ත්‍ර සූත්‍ර, අමු ද්‍රව්‍ය හා වෙළෙඳපොළ ලාංකික ඇසුරුම්කරුවන්ට හඳුන්වා දීමද අනිකුත් අරමුණු වේ.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති රාමුව මඟින් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඇසුරුම්කරණ අංශය මූලිකම අංශයක් ලෙස හඳුනාගෙන එයට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
      
    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ලෝක ඇසුරුම්කරණ ක්ෂේත්‍රය මේ වන විට විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. එය 2012දී  ඇ.ඩො. බිලියන 799කි. එය 2018 වන තෙක් වාර්ෂිකව 4%ක් බැගින් වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2013දී ඇ.ඩො. බිලියන 824 දක්වා ලෝක ඇසුරුම්කරණ ක්ෂේත්‍රය වර්ධනය වුණා. මේ සඳහා ශ්‍රී ලාංකික ඇසුරුම්කරණ ක්ෂේත්‍රයත් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුද්‍රිත ඇසුරුම් (Print Base) ක්ෂේත්‍රය 2009 සිට 2013 වසර වන විට 25%ක ශීඝ්‍ර වර්ධනයක් ලබා තිබෙනවා. එය ඇ.ඩො. මිලියන 101කි. ඇසුරුම්කරණය දීර්ඝ කාලීන ආයෝජනයක්. එය නිෂ්පාදන ක්ෂේත්‍රයේ දියුණුවට ඉතා වැදගත් වේ. එම නිසා අප අමාත්‍යාංශය ඇසුරුම්කරණ ක්ෂේත්‍රයට ඉතා ඉහළ දායකත්වයක් ලබා දී තිබෙනවා" යැයි පැවසීය.
     

    පසුගිය වසරේදී තම අමාත්‍යාංශයෙන් මෙම ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සඳහා විශාල ලෙස මුදල් ප්‍රතිපාදන ලබා දී තිබේ. 2013 වසරේදී ජාතික මට්ටමේ ඇසුරුම්කරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ක්‍රියාත්මක කළ බවත් දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන් සඳහා දේශීය ඇසුරුම්කරුවන් යොමු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඉන්දියාව හා මැලේසියාව මෙවර ප්‍රදර්ශනය සඳහා සහභාගී වී ඇති අතර විශේෂයෙන්ම ඉන්දියාවේ මහා පරිමාණ ඇසුරුම් නිෂ්පාදකයන් විසින් ප්‍රදර්ශන කුටි 10ක් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලාංකික ඇසුරුම්කරුවන්ගේ දැනුම අලුත් කර ගනිමින් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුනා ගැනීමට මහඟු පිටුවහලක් වන මෙම ප්‍රදර්ශනය අනිද්දා (20)  අවසන් වේ.

     NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya