මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ඉදිකිරීමට සහ සංවර්ධනයට පියවර Featured

    ජූලි 18, 2014

    ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීම සඳහා පොලිසිය මගින් ඉටුකරන කාර්යභාරය ශක්තිමත් කිරීමට දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් පොලිස් ස්ථාන 25ක රුපියල් මිලියන 135ක වියදමින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ පිහිටුවීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගනී.


    ඒ අනුව මෙම කාර්යාංශ 25 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 125ක් සහ අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10ක්ද වශයෙන් මෙම රුපියල් මිලියන 135 ලබා දී තිබේ.පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ අනුරාධපුර, පොලොන්නරුව, මොනරාගල, මඩකළපුව, අම්පාර, ත්‍රීකුණාමලය, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, කුරුණෑගල, පුත්තලම සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තෝරාගත් පොලිස් ස්ථානවල මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.


    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින්  ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.මෙම ඒකක පිහිටුවීමේ දී උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ළමා අපයෝජන හා කාන්තා හිංසන වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාව ලබාදීමටත් එම සියලු කාර්යාංශ එකම සැලැස්මකට අනුව ළමුන්ට හා කාන්තාවන්ට හිතකර මෙන්ම ආකර්ෂණීය පෙනුමකින් යුක්තව නිර්මාණය කිරීමටත් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මේ වසර නිමවීමට පෙර මෙම කාර්යාංශ ඉදිකිරීමට නියමිතය.ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට ලබා දී ඇති රුපියල් මිලියන 700 විශේෂ ව්‍යාපෘතිය යටතේ මෙම කාර්යාංශ ඉදිකිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත.

    මෙරට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහත් ආශිර්වාදයක් ලබාදෙන බවද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙහි දී පැවසීය.

    මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරචිචි, මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ එම්.එස්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ මුලතිව්, ත්‍රීකුණාමලය සහ මොනරාගල යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya