මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "තිනෙත" චන්ද්‍රිකා රූපවාහිනී විකාශන කටයුතු ඇරඹේ

    ජූලි 18, 2014
    "අලුත් ශ‍්‍රී ලංකාව ලොවට" යන තේමාව රැගත් රොහාන් වැලිවිට මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කරන ලද "තිනෙත" චන්ද්‍රිකා රූපවාහිනී විකාශන කටයුතු අද (18) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොල්හේන්ගොඩ පිහිටි එම කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. 
     
    මෙම රූපවාහිනී නාලිකාව ඔස්සේ යුද්ධයට පසු ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සහ සංවර්ධනයට අදාළ වැඩසටහන් විකාශය කිරීමට සැලසුම් කර ඇත. 
     
    විකාශන කටයුතු ආසියාව මැද පෙරදිග, යුරෝපය සහ ඔස්ට්‍රේලියා ඇතුළු රටවල් 116ක පමණ සිදු කිරීමට නියමිතය. මෙම නාලිකාවේ පර්යේෂණ විකාශන කටයුතු පසුගිය ජූලි මස 16 වන දින සිට ආරම්භ කර ඇති අතර සඳුදා සිට සිකුරාදා දක්වා දිනකට පැය 4 බැගින් ද, සති අන්තයේ පැය 8 බැගින් ද මෙහි විකාශයන් කිරීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවට ප‍්‍රංශ තානාපති ජෝන් පෝල් මොන්ෂෝ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පැමිණ සිටියහ.
     
    DB/KT
     
    MP BR TINETHA 1
     
     
    MP BR TINETHA 2
     
    MP BR TINETHA 3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya