මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව සහ නැගෙනහිර පළාත් භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය 18 සිට

    ජූලි 18, 2014

    රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් 2013 සැප්තැම්බර් 29 දින පවත්වන ලද භාෂා ප්‍රවීණතා III මට්ටමේ ලිඛිත විභාගය සමත් සබරගමුව සහ නැගෙනහිර පළාත් නිලධාරීන්ගේ වාචික (නැවත) පරීක්ෂණය මෙම මස 18,19 සහ 20 යන දිනවල පැවැත්වීමට ක‍ටයුතු යොදා ඇත. 

    ඒ අනුව සබරගමුව පළාතේ අදාළ වාචික පරීක්ෂණය 18 දින කෑගල්ල වලගම්බා විද්‍යාලයේත්, 19 සහ 20 යන දිනයන්හි රත්නපුර මෙනේරිපිටිය අධ්‍යාපන සංවර්ධන පුහුණු ආයතනයේත් පැවැත්වීමට නියමිතය.

     
    නැගෙනහිර පළාතේ මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ මේ මස 18, 19, හා 20 යන දිනයන්හිදීය. ඒ අනුව 18 වන දින ත්‍රීකුණාමලය කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේදීත්, 19 දින මඩකළපුව පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේදීත්, 20 දින අම්පාර බණ්ඩාරනායක මහා විද්‍යාලයේදීත් මෙම වාචික පරීක්ෂණය පැවැත්වේ.


    අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කර ඇති අතර මේ වන විටත් අයදුම්පත් නොලැබූ අයෙකු ඇත්නම් දූරකතන අංක 0112889506 ඔස්සේ විමසීම් සිදුකරන මෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව දන්වා සිටී.


     ECB/RU_pub

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya