මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි වැඩසටහන යටතේ තවත් අදියර කිහිපයක් ඇරඹෙයි Featured

    ජූලි 18, 2014
    අධ්‍යාපන අමාත්‍යාංශයේ ජනාධිපති වැඩසටහන් ඒකකය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි" වැඩසටහන යටතේ සහතිකපත්, පාසල් උපකරණ බෙදාදීම සහ ත්‍රෛභාෂා මාර්ග සිතියම දොරට වැඩීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    ඉංග්‍රීසි කථන හා ශ්‍රවණ කුසලතාව ඉහළ නැංවීමේ අරමුණින් නව තාක්ෂණික දැනුම උපයෝගී කර ගැනීමට හැකි වන සේ අදාළ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඇතිව එක් පළාතකින් පාසල් 03 බැගින් පාසල් 27ක ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමර සඳහා එක් පාසලකට රුපියල් ලක්ෂ 03 බැගින් රුපියල් මිලියන 09කට ආසන්න වටිනාකමකින් යුත් ඉංග්‍රීසි ක්‍රියාකාරකම් උපකරණ මෙහිදී බෙදා දී ඇත. පරිගණක යන්ත්‍ර, LED රූපවාහිනී, DVD යන්ත්‍ර මෙයට අයත් වේ.  

     

    කලාප මට්ටමින් "දින 100ක මූලික ඉංග්‍රීසි" පාඨමාලාව හැදෑරු විදුහල්පතිවරුන්ට හා නියෝජ්‍ය විදුහල්පතිවරුන්, විද්‍යාපීඨ ගුරු ශිෂ්‍යයන්ට සහතිකපත් බෙදාදීම ද මෙහිදී සිදු විය. ත්‍රෛභාෂික ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කරමින් පොදු අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එක්බද්ධ භාෂා සංවර්ධනයක් සඳහා යෝජිත මාර්ග සිතියම එළිදැක්වීමද සිදු කෙරිණි. මෙම වැඩසටහනෙහි ජනාධිපති මූලාරම්භයේ සිට මේ දක්වා පැමිණි ගමන් මගෙහි සංධිස්ථාන අන්තර්ගත කරමින් "රජයේ පාසල් පද්ධතිය මඟින් ත්‍රෛභාෂික නව පරම්පරාවක් බිහිකරලීම" යන මැයෙන් වූ පොත් පිංචෙහි මුල් පිටපත ද අමාත්‍යතුමා වෙත පිරිනැමීම සිදු විය.

     

    ඉංග්‍රීසි කථන හා ශ්‍රවණ කුසලතා වර්ධනය සඳහා 10 සහ 11 ශ්‍රේණි පදනම් කර ගනිමින් සම්පාදිත ඩී.වී.ඩී. පාඩම් මාලා 50ක් අන්තර්ගත 2 වැනි අදියර යටතේ ඩී.වී.ඩී. කට්ටල බෙදාදීම මෙහිදී සිදු වූ අතර මේ අනුව 10 සහ 11 ශ්‍රේණි ඇතුළත්  සියලු පාසල් ආවරණය වන පරිදි ඩී.වී.ඩී. තැටි බෙදා‍ දී තිබේ. 

     

    ත්‍රෛභාෂික ශ්‍රී ලංකාවක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති සුනිමල් ප්‍රනාන්දු මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.  

     

    NDH/kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya