මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට නව රූපවාහිනී තාක්ෂණයක්

    ජූලි 18, 2014
    ලබන වසර අවසානයේ සිට නව රූපවාහිනී තාක්ෂණික ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
     
    ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ රොහාන් වැලිවිට මහතාගේ "තිනෙත" චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාව අද (18) අන්තර්ජාලය වෙත මුදාහැරීමේ අවස්ථාවට එක්වෙමිනි. රූපවාහිනි නාලිකාව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් අන්තර්ජාලය වෙත මුදාහැරීම සිදුවිය.
     
    වර්තමානයේ භාවිත වන ඇනලොග් තාක්ෂණයේ සිට රූ සංඛ්‍යාන ක්‍රමය (ඩිජිටල්) හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඒ අනුව  82 වසරේ රූපවාහිනිය හඳුන්වාදීමෙන් අනතුරුව ලබන වසරේ දී රූපවාහිනි ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරන බවත් හේරත් මහතා පැවසීය.
     
    ඒ හරහා ජාත්‍යන්තරයේ සෙසු රූපවාහිනි නාලිකාවල මෙන් තිරයේ සුපැහැදිලි බව ඇති වන බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ දත්ත ජාත්‍යන්තරයට ලබාදිය හැකි බවත් එවැනි අවශ්‍යතාවක් වර්තමානයේ දී පවතින බවත් ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවේ දී තිනෙත රූපවාහිනියේ අධ්‍යක්ෂ රොහාන් වැලිවිට, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහත්වරු ද කෙටු දෙසුම් පැවැත්වූහ.
     
    මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් බෝල් මොන්ෂෝ මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    DB
     
    mp br digi tv 1
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya