මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලතුරු ප්‍රදර්ශනය නැරඹීමට අතිවිශාල ජනතාවක් Featured

    ජූලි 18, 2014

    පලතුරු ප්‍රවර්ධන සතියට සමගාමීව හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පවත්වනු ලබන පලතුරු ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේ (17) තුන්වැනි දිනය වන විට 140,000කට ආසන්න පිරිසක් පැමිණි බව එහි අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා පවසයි.


    ලබන 21 වන දිනෙන් අවසන් වන මේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලබන 19 හා 20 යන සතිඅන්ත දින දෙකෙහි ලක්ෂ ගණනකින් ප්‍රදර්ශන භූමිය පිරී යනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු අවධාරණය කළේය.

     

    ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේ 2000ක් වැනි සුළු පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණේවි යැයි බලාපොරොත්තු වුව ද ජනතාවගේ උනන්දුව වැඩි නිසා එදින 10,000කට ආසන්න පිරිසක් පැමිණි බවට වාර්තා වේ යැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

     

    පලතුරු පැළ මිලට ගන්න මිනිසුන්ගේ උනන්දුව වැඩියි. මේ ප්‍රදර්ශනයට සහභාගි වූ එක් පැළ තවානක් සඳහන් කළේ පළමු දින පැය 02ක් ඇතුළත පලතුරු පැළ විකිණීමෙන් රුපියල් 138,000ක මුදලක් ඉපැයූ බවයි. අලෙවි කුටියක් ඇති තවත් පැළ තවානක අයිතිකරුවෙකු ඊයේ වන විට රුපියල් 217,000ක මුදලක් පැළ අලෙවියෙන් ලබා ගත් බව සඳහන් කළ බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිනක ආදායම රුපියල් ලක්ෂ 05ක් බවත් ඔහු පැවසීය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මිල ස්ථාවර නිසා එයින් මිලදී ගන්නා පිරිස වැඩියි. පෞද්ගලික අංශයේ මිල වෙනස් වේ. උගුරැස්ස පලතුරු පැළ සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇත. වෙරළු, රඹුටන්, දූරියන්, පැඟිරි පලතුරු වර්ග, අඹ හා අලිගැට පේර පැළ සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ඇතැම් පැළ වර්ග මේ වන විට අවසන් ව ඇති නිසා පැළ නැති බව සඳහන් කරමින් මිනිසුන් චෝදනා කරන බව පැවසූ අධ්‍යක්ෂවරයා මෙතරම් සෙනඟක් පැමිණේවි යැයි අපේක්ෂා නොකළ නිසා පලතුරු වෙළෙන්දෝ මෙන් ම තවාන් හිමියන් ද පැළ රැගෙන ආවේ අඩු ප්‍රමාණයක් බව පැවසීය.

     

    මේ නිසා වැඩි වැඩියෙන් පැළ ගේන ලෙස විවිධ ප්‍රදේශවල පැළ තවාන් හිමියන්ට ආරාධනා කළ බව පැවසූ ඔහු කන්තලේ, රත්නපුර ප්‍රදේශවලින් පැළ රැගෙන විත් ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya