මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා සේවා වනිතා ශාඛාවෙන් රණ විරුවන් වෙත පරිත්‍යාග Featured

    ජූලි 18, 2014
    දශක 03ක කුරිරු යුද්ධය නිමා කිරීමට තම දිවි පරදුවට තබා ජීව දානය, කාය දානය හා සේවා දානය ලබා දුන් උදාරතර රණ විරුවන්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ අවශ්‍යතාවන් සඳහා රුපියල් මිලියන 18 මුදලින් රණ විරු පවුල් 759ක් වෙත පරිත්‍යාග පිරිනැමීම ඊයේ (17) යුද හමුදා මූලස්ථානයේදී  සිදු කෙරිණි. 

    ඉඩම්, නව නිවාස, අඩක් නිමකළ නිවාස ගොඩනැගීම සඳහා මුල්‍යාධාර, ස්වාභාවික විපතින් හානි වූ නිවාස අලුත්වැඩියාව සඳහා මුල්‍යාධාර, කෘත්‍රිම අත්, කෘත්‍රිම පාද, පාද අහිමි වූවන් සඳහා ජෙල් සහිත මේස්, රෝද පුටු, ස්වයංක්‍රීය රෝද පුටු, ලැප්ටොප්, කොම්පියුටර්, විශේෂ ශිෂ්‍යත්ව ආධාර, බෙහෙත් ද්‍රව්‍ය, ක්‍රීඩා උපකරණ ඇතුළු නොයෙකුත් වර්ගයේ ත්‍යාග ලබාදීම මෙහිදී සිදු විය.

    යුද හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දමයන්ති රත්නායක මහත්මියගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ මූලිකත්වයෙන් මෙහිදී උපකරණ ප්‍රදානය කෙරිණි. රණ විරුවන්, එම පවුල්වල සාමාජිකයන් මෙන්ම යුද හමුදා සිවිල් සේවකයන් 03 දෙනෙකු හා තවත් සිවිල් වැසියන් 03 දෙනෙකුද මෙමඟින් ප්‍රතිලාභ ලැබූහ. 


    සේවා වනිතා ශාඛාව විසින් උපයා ගන්නා ලද මෙම මුදලින් නිවාස සඳහා රුපියල් මිලියන 3.5ක් වෛද්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 9.1ක් හා අනෙකුත් පරිත්‍යාග සඳහා රුපියල් මිලියන 6ක්ද වෙන් කර ඇත. මෙහිදී සිය අදහස් ප්‍රකාශ කළ යුද හමුදාපතිවරයා අතීතයේ සිට සේවා වනිතා ශාඛාව මඟින් කරගෙන එන මෙම සද්ක්‍රියාවන් තවදුරටත් ඔප් නංවමින් පවත්වාගෙන යාම පිළිබඳව සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ඇතුළු සාමාජිකාවන් හට සිය ස්තූතිය පුද කළේය.


    නර්තාංගවලින් විචිත්‍රවත් වූ මෙම උත්සවය සඳහා යුද හමුදා මාණ්ඩලිය ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, යුද හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, රණ විරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව සිටියහ.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya