ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3146 ක් ඊළඟ තරාතිරමට උසස් කෙරේ

    මැයි 17, 2024

    15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරමට උසස් කර ඇත.

    වසර 30 කට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර මවිබිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ස්ථාපිත කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ අනභිබවනීය දායකත්වය එම විජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් විය.

    ඒ අනුව, මානුෂීය මෙහෙයුම විජයග්‍රහණයකින් අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සහ රණක්‍ෂිතයට පත්වෙමින් කටයුතු කල වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ 15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා අංශයන්ට අයත් විවිධ තරාතිරම් වල ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරම් දක්වා නාවික හමුදාධිපතිගේ නිර්දේශය මත මෙලෙස උසස් කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya