මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පලතුරු සංගමයක් Featured

    ජූලි 18, 2014
    විදෙස් රටවල පලතුරු සංගම් පිහිටුවා තිබුණත් ශ්‍රී ලංකාවේ එවැනි සංගමයක් නොමැති නිසා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පලතුරු සංගමයක් පිහිටුවීමට කටයුතු කළ බව හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා පවසයි.

    මේ පිළිබඳ ව අවධානය යොමු කරමින් කඩිනමින් පලතුරු ප්‍රවර්ධන සතියේ පළමු දිනයේ ම තම නායකත්වය යටතේ සාමාජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුවක් යටතේ පලතුරු සංගමයක් පිහිටුවීමට කටයුතු කළ බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

     

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මැදිහත්වීම මේ සඳහා ලැබුණි. මේ කමිටු සාමාජිකයන් අතරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනෙකු, හොරණ, කනන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ හා ගන්නෝරුව පලතුරු පර්යේෂණ ආයතනයේ නිලධාරීන් 01 අයෙකු ලෙස නිලධාරීන් දෙදෙනෙකු, කාගිල්ස්, ඩොලේ ලංකා ආයතන දෙකේ නිලධාරීන් එක් අයෙකු බැගින් වතු හිමියන් දෙදෙනෙකු,   MD, Smak නිෂ්පාදන ආයතනවල එක් අයෙකු බැගින්, අපනයනකරුවෙකු,  සී.අයි.සී. සමාගමේ නිලධාරියෙකු ද ඇතුළත් වේ. 

     

    ලබන 31 දින මේ සංගමයේ දෙවන රැස්වීම පැවැත්වෙන බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා මෙහි ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු නිල වශයෙන් සාමාජික සාමාජිකයන් බඳවා ගන්නා බව සඳහන් කළේය. පලතුරු සංගමයේ සාමාජිකත්වය පලතුරු නිෂ්පාදකයන්, පාරිභෝගිකයන්, පලතුරු අලෙවිකරුවන්, පලතුරු වතු හිමියන් ඇතුළු පලතුරු සම්බන්ධ ඕනෑම අයෙකුට ලබා ගත හැකියි. මේ සංගමය ජාලගත කරන බව පැවසූ ඔහු මේ තොරතුරු හුවමාරුව මඟින් පලතුරු නිෂ්පාදනය, අලෙවිය, වෙළෙඳපොළ හා පලතුරු කර්මාන්තය දියුණු කිරීමට අවස්ථාව සැලසෙන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya