මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩවර්ජනයක නිරත නො වී, රෝගී ජීවිත ප්‍රාණ ඇපයට නොගෙන සාකච්ඡා මඟින් ගැටලු විසඳාගමු - සෞඛ්‍ය අමාත්‍යාංශය Featured

    ජූලි 17, 2014

    පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (16) සිට පහත සඳහන් ඉල්ලීම් පාදක කර ගනිමින් දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එම ඉල්ලීම් වන්නේ 2006 ජනවාරි 01 සිට වසර 81/2ක් පුරා ලබා නොදුන් පළමු ශ්‍රේණි උසස්වීම් වසර 12ක ජ්‍යෙෂ්ඨතාව මත ලබා නොදීම, නව බඳවා ගැනීමේ පටිපාටියේ අධි ශ්‍රේණිය ස්ථාපති නොකිරීම, නිදර්ශක දීමනා වැඩිකිරීම නොකිරීම, පුහුණු ආචාර්යවරුන්ගේ සන්නිවේදන දීමනා ලබාදීමට කයුතු නොකිරීම, පරිපූරක වෛද්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර ඇති කිරීමට තීරණය කර ඇතත් අනුමැතියට නොයැවීම හා රාජකාරී වේලාවෙන් පරිබාහිරව පෞද්ගලික සේවයේ නියැළීමේ අනුමැතිය ලබා ගැනීම යනාදියයි.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසයි. 

    ඉහත දක්වා ඇති ඉල්ලීම් ඉටුකිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති අතර 2014 ජූනි 19 දින කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලබාගෙන අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට යොමු කර ඇත. 


    ඔවුන් විසින් ඉල්ලා ඇති රාජකාරී වේලාවෙන් පසු පරිබාහිර පෞද්ගලික සේවයේ නියැළීමේ අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් වෛද්‍යවරුන්ට පමණක් ඒ සඳහා අනුමැතිය ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව ඉහත කරුණ ගැන සිතා බලා ඔවුන්ට යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම ඉල්ලීම ද අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇත.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරිපූරක වෛද්‍ය සේවාවේ ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදීමට මැදිහත් වී පසුගිය කාලය තුළ අවස්ථා ගණනාවක දී පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීය සමිති සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා ම සාකච්ඡා කොට ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට කටයුතු කළ බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. එසේ සිදු කර තිබියදී වැඩවර්ජනයක නිරත නොවී, රෝගී ජීවිත ප්‍රාණ ඇපයට නොගෙන මනුෂ්‍යත්වයේ නාමයෙන් සේවයට වාර්තා කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ගැටලුවක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් නිසා මේ වැඩවර්ජනයට සහභාගි වී සිටින සියලු පාර්ශවවලට රෝහල්වල සේවය සඳහා වාර්තා කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය එම නිවේදනයෙන් ඉල්ලා සිටී.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya