මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සමාජ සංහිඳියාව සහ මාධ්‍ය භාවිතය" මැයෙන් එක්දින වැඩමුළුවක්

    ජූලි 18, 2014
    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් "සමාජ සංහිඳියාව සහ මාධ්‍ය භාවිතය "  යන තේමාව යටතේ එක් දින වැඩමුළුවක් ලබන 23 දින පෙ.ව.9.00ට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මේ වැඩමුළුව පැවැත්වේ.

     

    මේ අවස්ථාවට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල යන මහත්වරුන්ද සහභාගිවීමට නියමිතය.

     

    "ඒකීය ශ‍්‍රී ලංකාවේ සමාජ සංහිඳියාව" මැයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක හා "සමාජ සංහිඳියාව සහ දියුණු රටවල්" මැයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක යන මහත්වරුන් විසින් මෙහිදී විශේෂ දේශන පවත්වනු ඇත. මීට සමගාමීව මාධ්‍ය ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා මණ්ඩපයක් ද පැවැත්වීමට නියමිතය.

     

    NDH/SK-cmu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya