මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - ඉන්දියා ධීවර ගැටලු සාකච්ඡා ඉතා සාර්ථකයි Featured

    ජූලි 17, 2014

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ධීවර ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවන් ඉතාම සාර්ථක වූ බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.


    අතුරුදහන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසමට ජාත්‍යන්තර උපදේශකවරුන් පත් කර ඇත්තේ අවශ්‍ය වුවහොත් උපදෙස් ලබාගැනීම සඳහා බවත් ඒ නීති හා අනෙකුත් කටයුතු සඳහා බවත් අමාත්‍යවරයා එහිදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.


    ඊශ්‍රාලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ගැටලුවක් නොවන බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපතා කාර්යාලය මගින් දැනුම් දී ඇති බවත් කී අමාත්‍යවරයා පලස්තීනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශෝකය පළ කිරීමට කටයුතු කළ බවත් කීය.


    සීෂෙල්ස් රාජ්‍යයේ ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හා ලංකා බැංකුවේ ශාඛාවන් එම රාජ්‍ය තුළ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන අනෙකුත් රාජ්‍යයන් එකඟත්වය පළ කළ හොත් එලෙස ශ්‍රී ලාංකික බැංකු එම රටවලද ස්ථාපිත කළ හැකි බවත් පෙන්වා දුන්නේය.


    DB/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya