මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත්වීමට වසර දෙකක කාලයක් Featured

    ජූලි 17, 2014

    අපොස සා/පෙළ ගණිතය සම්පූර්ණ කිරීමට වසර දෙකක් වැනි කාලයක් ලබාදීම තුළින් අධ්‍යාපන අමාත්‍යංශය වැදගත් තීන්දුවක් ගෙන ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවෙමිනි.


    ගණිතය විෂය සමත්වීමට නොහැකිවන දරුවන් අනෙක් සෙසු විෂයන් සඳහා දක්ෂතා දැක්වීමට හැකියාව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත්වීමට වසර දෙකක කාලයක් ලබාදීමත් ඒ සඳහා අමතර පන්ති පැවැත්වීමටත් ගෙන ඇති තීරණය ඉතා හොඳ බවත් පෙන්වා දුන්නේය.


    මේ හරහා දරුවන්ට අසාධාරණයක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


    DB/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya