මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මාධ්‍යවේදීන්ගේ අනාගතයට දැවැන්ත ශක්තියක් Featured

    ජූලි 17, 2014

    ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය මඟින් මාධ්‍යවේදීන් වෙත දක්වන්නේ කුඩා දායකත්වයක් වුවත් එය හෙට දිනයේදී මාධ්‍යවේදීන්ට දැවැන්ත ශක්තියක් වනු ඇතැයි විශ්වාස කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (17) එම අමාත්‍යංශයේ දී ප්‍රකාශ කළේය.  


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩ සටහන යටතේ 2013/2014 වසර සඳහා තෝරාගනු ලැබූ ශිෂ්‍යත්වලාභී මාධ්‍යවේදීන්හට එම ශිෂ්‍යත්වයට අදාළ ව සහතිකපත්‍ර පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.


    මෙම ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන්ගේ දැනුම සහ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා අප විසින් දෙනු ලබන මුදලට වඩා වැදගත් වන්නේ මාධ්‍යවේදියා ඒ හරහා පාඨමාලාවන් හදාරා ලබාගන්නා දැනුම බවත් මාධ්‍යවේදියා සහ මාධ්‍යකලාව යනු දැවැන්ත අවියක් බවත් මාධ්‍ය ඔස්සේ සමාජයට සිදුකළ හැකි මෙහෙවර අති විශාල බවත් අමාත්‍යවරයා එහිදී කීය.


    දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැළී සිටින මාධ්‍යවේදීන් අතරින් තෝරාගත් මාධ්‍යවේදීන් සියයක් සඳහා ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිදු විය. එම ශිෂ්‍යත්වලාභීන් වෙත, ආපසු නොගෙවීමේ පදනම මත රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව පාඨමාලා ගාස්තු ගෙවීම ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය මඟින් සිදු කරයි.  


    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා උත්සවය අමතා පැවසුවේ අංශ 03ක් යටතේ ජනමාධ්‍ය කළමනාකරණ‍ය‍ට ලක් විය යුතු බවයි. ජනමාධ්‍ය  නියාමනය, ආචාර ධර්ම, සහ මාධ්‍යවේදීන්ගේ පුහුණුව යන අංශ 03 යටතේ මෙය සිදු විය යුතු ය. නිවැරදි මාධ්‍ය කලාවක් සඳහා මේ කාරණා තුනම වැදගත් වන අතර ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් විසින් ම තෝරාගනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම සිදු කරයි. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන්ට කිසියම් පුහුණු පාඨමාලාවක් නම් කරනවාට වඩා මේ ආකරයෙන් මාධ්‍යවේදීන් විසින් ම තෝරාගත් පාඨමාලාවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම මේ වැඩසටහනේ ඇති විශේෂත්වය බවද ලේකම්වරයා සඳහන් කළේය.


    අද වන විට සමාජ මාධ්‍ය බොහෝ සේ පුළුල් වී ඇති අතර මාධ්‍යවේදීන් දැනුමෙන් සන්නද්ධ වීම අතිශය වැදගත් කාරණාවක් වේ. මාධ්‍යවේදීන් වෙනුවෙන් කුඩා හෝ මැදිහත්වීමක් සිදු කිරීමට හැකි වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස තමන් සතුටු වන බවද චරිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.


    මෙම ඇසිදිසි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටත් ශිෂ්‍යත්ව පිරිනමන බවත් මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනය සඳහා මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීම ඉතා වැදගත් බවත් මේ අවස්ථාවට එක් වූ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

     

    Journalit scholarship Programme 1

    Journalit scholarship Programme 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya