මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    ජූලි 16, 2014

    රාජ්‍ය කළමනාකරණ සහකාර රාජ්‍ය සේවයේ II වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2011(II) 2013(2014) (බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ II පෙළ ජේලර් හා II පෙළ සුබසාධක නිලධාරීන් සඳහා නුහුරු භාෂා වාචික පරීක්ෂණය) ජූලි 21 හා 22 දිනයන්හි කොළඹ දී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

    නීතිපති දෙපාර්තමේන්තුවේ ලඝු ලේඛක III පන්තියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ තරග විභාගය - 2013 හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III වෙනි පන්තියේ ව්‍යාප්ති නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 යන විභාග 02 ජූලි 26 දින කොළඹදී පැවැත්වීමට නියමිතය. 

    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 ලබන 27 දින කොළඹදීත්, 

    විභාග දත්ත සහකාර III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 ලබන 27 දිනත්, 

    II වන ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශය) - 2014 (I) ලබන 27 දිනත් කොළඹදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya